News Highlights
ආරක්ෂක ආමාත්‍යාංශ අධික්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දීඝවාපි මහා සෑ රඳුන්ගේ හා නීලගිරි චෛත්‍යරාජයාණන්ගේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කළ අතර එම අවස්ථාව සඳහා චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති භාර ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.
2024 නොවැම්බර් මස 09 වන දින ආරක්ෂක ලේකම් තුමා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් ප්‍රගතිය මෙන්ම චෛත්‍යරාජයාණන්ගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ගඩොල් නිෂ්පාදනය කරන වැඩ භූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ආගමික වතාවත් සිදු කරන ලදී.
ඉන් අනතුරුව, දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආරක්ෂක ලේකම් තුමා පවතින ගැටලු නිරාකරණ සඳහා අවශ්‍ය විසදුම් ලබා දී ප්රතිඵලදායි ඉදිරි සැලසුම් වෙනුවෙන් උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණ සංචාරය අතරතුර දී 2024 නොවැම්බර් මස 10 වන දින ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින අම්පාර ලාහුගල රක්ෂිතයේ පිහිටි ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය ද ආරක්ෂක ලේකම්තුමාගේ නිරීක්ෂණයට ලක් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් අමතමින් පැවරී ඇති රාජකාරීන් කාර්යක්ෂමව ප්රතිඵලදායි ලෙස ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන් දිරිමත් කරන ලදී.
- Details
2024 ඔක්තෝම්බර් මස 23 සහ 24 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු රාජ්‍ය සේවා ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනා විසින් රන් පදක්කම් 39ක්, රීදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 26ක් දිනා ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා දක්ෂතාවයන් ඉහළ නංවමින් රාජ්‍ය සේවා ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත අනු ශූරතාවය ද දිනා ගන්නා ලදී.
එසේ ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් 2024 ඔක්තෝම්බර් මස 28 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා ශක්තිය ධෛර්ය ලැවේවායි ආශිර්වාද කරමින් සුභාශිංෂණ එක් කරන ලදී.
රාජ්‍ය සේවා ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියේ වයස් කාණ්ඩ අනුව දිනා ගන්නා ලද ශූරතාවයන්,
වයස අවු. 31 - 40 පිරිමි අනුශුරතාවය
වයස අවු. 41 - 50 පිරිමි ශුරතාවය
වයස අවු. 20 - 30 කාන්තා අනුශූරතාවය
වයස අවු. 31 - 40 කාන්තා අනුශූරතාවය
වයස අවු. 41 - 50 කාන්තා ශූරතාවය
වයස අවු. 51 - 60 කාන්තා අනුශූරතාවය
- Details
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී ජේෂ්ඨ නිළධාරි 2024 ඔක්තෝම්බර් මස 18 වන දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථානයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්ෂක ලේකම් වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි අධ්යක්ෂ ජනරාල් වරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යයන් වගකීම් හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. සාකච්ඡාවෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කරන ලදී
.
- Details
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලකායට අනුයුක්තව රාජකාරී කරන එම් 028553 ජානක කුමාර යන සිවිල් ආරක්ෂක සාමාජිකයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වැරැල්ලපිටිය, අටබාගේ, ගම්පොල ඉදිකරන ලද නව නිවස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්එම්එස්ඩීකේ හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024 ඔක්තෝම්බර් මස 22 වන දින සුභ මොහොතින් විවෘත කර හිමිකරු වෙත භාර දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම මත මහනුවර බලකා අණදෙන නිලධාරිගේ අධීක්ෂණයෙන් මහනුවර බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
- Details
2006 සැප්තැම්බර් මස 13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධ්යක්ෂ ජනරාල් වරයෙකු යටතේ නිසි පාලන ක්‍රම වේදයකට අනුව නිසි පුහුණුවක් සමඟින් සංග්‍රාමික නිල ඇඳුම් හා ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය ලබා දී නව අන්‍යතාවක් සහිතව අභිමානවත් පිරිසක් ලෙස “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” ප්‍රතිසංවිධානය කර වසර 18ක් සපීරීම නිමිත්තෙන් ප්‍රධාන සැමරුම් උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 13 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
අධ්යක්ෂ ජනරාල් වෙත සම්මාන මුරය පිළිගැන්වීමෙන් අනතුරුව 18 වන සැමරුම් දිනය වෙනුවෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරි, ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් හා සිවිල් සේවකයින් අමතමින්, “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හිටපු අධ්යක්ෂ ජනරාල්වරුන් හා අනෙකුත් නිලධාරින් සහ නිලධාරිණියන් විසින් දැක්වූ නොමද දායකත්වය බෙහෙවින් අගය කළ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි කර යුධමය කාලසීමාව තුළ අප මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදු හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් සිවිල් ආරක්ෂක රණවිරුවන් ද, දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සාමාජිකයින් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරන ලදී.”
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්, “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අභිමානවත් ලෙස ඉදිරියට පැමිණීමට සියලු දෙනා විසින් කැපවීමෙන් හා කාර්යක්ෂමව මේ වන තෙක් ලබාදුන් ඵලදායී දායකත්වය එලෙසම ඉදිරියටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළ නංවා රාජ්‍ය සේවයේ කීර්තිමත් දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම ද අපේක්ෂා කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 18 වන සැමරුම් දිනය අභිමානවත් ලෙස සමරන දිනයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු සියලුදෙනා ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි” සුභාශිංෂණ එක් කරන ලදී.
ඉන් අනතුරු අධ්යක්ෂ ජනරාල් තුමා සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරි, ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් හා සිවිල් සේවකයින් සඳහා සෙසු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
- Details
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර සැමරුමට සමගාමීව කතෝලික ආගමික වතාවත්
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීම.
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර රණවිරු උපහාර උත්සවය
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරය සැමරීම සමගාමීව ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස දී ආගමික වතාවත් සිදුකිරීම.