ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහ සන්නද්ධ සේවාවන්ට ආධාර හා උපකාර කිරීමේ කාර්යය සඳහා පරිපූරක හමුදාවක් ලෙස ආරම්භ කළ “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිසංවිධානය කර වසර 18 පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.
ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත්පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එච්එම්එස්ඩීකේ හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු මහනුවර බලකා සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලද සම්බුද්ධ පූජාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ පාලන කර්නල් ඩීඩීඩී සේරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීතිවයෙන් 2024 සැප්තැම්බර් මස 02 වන දින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පවත්වන ලදී.
ජාතික ආර්ථික සංවර්ධනය නඟා සිටුවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘති අතරින් නව තාක්ෂණය හා දැනුම භාවිතා කරමින් අඩු ශ්රමයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් කැබිතිගොල්ලෑව බලකාය ප්‍රමුඛකර ගනිමින් කිළිනොච්චිය, වවුනියාව හා සේරුවිල බලකා මගින් පවත්වාගෙන යනු ලබන හරිතාගාර මිරිස් වගාවේ අස්වනු නෙලීම ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂ දොපර්තමේන්තුවේ බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් 2024 වර්ෂයේ අක්කර 7 ක ප්‍රමාණයක හරිතාගාර මිරිස් වගාව පවත්වාගෙන යන අතර අමු මිරිස් කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න අස්වැන්නක් නෙලා ගැනීමට අපේක්ෂිතය. 2023 වර්ෂයේදී හරිතාගාර මිරිස් වගාවෙන් අමු මිරිස් කිලෝ ග්‍රෑම්100538 පමණක් අලෙවි කර රුපියල් මිලියන 31කට ආසන්න මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.
මේ වන විට කැබිතිගොල්ලෑව, කිළිනොච්චි බලකා වල අස්වනු නෙලීම ආරම්භ කර අමු මිරිස් කිලෝ ග්‍රෑම් 4400ක අස්වැන්නක් වෙළඳපොළට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 1.68 කට ආසන්න ආදායමක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති අතර, මෙම හරිතාගාර මිරිස් වගාවෙන් ඉදිරියට මාස හයක පමණ කාලයක් අස්වනු නෙලීමේ හැකියාව ඇත.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් කැබිතිගොල්ලෑව බලකා මූලස්ථානයේදී මූලික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණු වැඩසටහනක් මගින් හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමෙන් අනතුරුව නිවැරදි තාක්ෂණයට අනුව හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී.
|
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ත්‍රිකුණාමලය බලකායට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී මිය ගිය උප නියාමක 65317 එන්පී සරත් යන සිවිල් ආරක්ෂක සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පිළියන්දල ජබුරලිය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් 2024 අගෝස්තු මස 02 වන දින සුභ මොහොතින් විවෘත කර මිය ගිය උප නියාමකවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත භාර දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ත්‍රිකුණාමලය බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය බලකා අණදෙන නිලධාරි මේජර් කේසී අකලංක ආර්එස්පී, සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා මහේෂි පෙරේරා මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික, සාමාජිකාවන් වෙතින් ප්රතිඵලදායී උසස් සේවාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් සුභ සාධක සාකච්ඡාවක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 13වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථාන සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදි.
මෙම සාකච්ඡාව සඳහා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සියලුම බලකා,පුහුණු පාසල්, විශේෂ ව්‍යාපෘති නියෝජනය කරමින් බලකා විනය පාලකවරුන් හා සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකවන් සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකා හා පුහුණු පාසල් වෙතින් ඉදිරිපත් කරන ලද සුභ සාධක කටයුතු සම්බන්ධ යෝජනා, අදහස් හා ගැටළු සඳහා අවශ්‍ය විසදුම්, උපදෙස් හා මඟපෙන්වීම් අධ්යක්ෂ මණ්ඩලයට ලබා දුන් අතර, ඉදිරියේදී සිදුකළ යුතු සුභ සාධක කාර්යන් පිළිබඳව ද දැනුවත් කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විශේෂ විමර්ශණ ඒකකය සඳහා දෙවන අදියර යටතේ බලකා මට්ටමින් තොරාගත් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 66 දෙනෙකු වෙනුවෙන් 2024 ජුනි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී ආරම්භ කළ පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය 2024 ජුනි මස 18 වන දින සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්ආර්එම්යූබී රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් විශේෂ විමර්ශණ ඒකකයේ අණභාර නිලධාරි කපිතාන් (විඅ) එන්සීපීඑන් නානායක්කාර යූඑස්පී එම්එස්සී(එම්පීටී) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
විසිරගිය නව පොලිස් සාමාජික සාමාජිකාවන් වෙත සුභාසිංශණ එක්කළ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදි ඔවුන් අමතමින්, දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය නගා සිටුවීම වෙනුවෙන් කැපවීමෙන් රාජකාරි ඉටුකරන ලෙස උපදෙස් ලබා දුන් අතර පොලිස් සාමාජිකයින්ගේ රාජකාරීන් සහ වගකීම් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම වෙනුවෙන් බලකා සහ පුහුණු පාසල් අණ දෙන නිලධාරින්ගේ පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සහාය ලබා දෙමින් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ ඇඳුම, පෙනුම හා විනය පවත්වාගෙන යාම ආදී දෙපාර්තමේන්තු රාජකාරින් ඇතුළුව, රාජ්‍ය උත්සව අවස්ථා සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟින් විශේෂ ආරක්ෂක රාජකාරි, ප්‍රභූ පරිවාරක රාජකාරි හා උත්සව චාරිත්‍රාණුකූල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් අංශය ස්ථාපිත කරන ලදී.
මෙම පාඨමාලාවේ කාර්යක්ෂම පොලිස් සාමාජිකයා ලෙස වව්නියාව බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමක එම් 013133 එස්එස් සෙනවිරත්න හා දක්ෂතම පොලිස් සාමාජිකාව ලෙස ගල්කිරියාගම පුහුණු පාසලේ කාන්තා උප නියාමක එෆ් 024608 පිආර්එම් ජයතිලක විසින් සහතිකපත් හිමි කර ගත් අතර, අධ්යක්ෂ පුහුණු කර්නල් එච්එම්ඒඩී සරත්චන්ද්‍ර, විශේෂ විමර්ශණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතුළු කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන් මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.
AIR VICE MARSHAL RS BIYANWILA
VSV, USP, MBA(UK), ndc(Ind), psc
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu