දක්ෂිණ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය 2023 අගෝස්තු මස 19 සහ 20 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 66 දෙනෙකු සහභාගී විය.
මෙම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 62ක්, රීදී පදක්කම් 43 ක් සහ ලෝකඩ පදක්කම් 37 ක් ජයග්‍රහණය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතා නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 22 වන දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති අතුරින් වැඩි ආදායමක් සඳහා මෙන්ම දේශීය වෙළඳපොලෙහි අමු මිරිස් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී හරිතාගාර මිරස් වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයිනගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් කැබිතිගොල්ලෑව බලකා මූලස්ථානයේදී මූලික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණු වැඩසටහනක් මගින් නිවැරදි හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමෙන් අනතුරුව දිවයින පුරා පිහිටි බලකා 11ක හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී.
කැබිතිගොල්ලෑව, වැලිඔය, මහනුවර, මුලතිව්, ගෝමරන්කඩවල හා වව්නියාව බලකායන්හි අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති අතර, බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්ෂක සාමාජික සාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අමුමිරිස් කිලෝ 65900 අස්වැන්නක් වෙළඳපොළට ලබා දී රුපියල් මිලියන 17ක ආදායමක් උපයා ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතා නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 18 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ 7 වන සභාපතිනිය ලෙස දිළිණි කෝදාගොඩ මහත්මිය 2023 අගෝස්තු මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සුභ මොහොතින් නව තනතුරේ වැඩ භාර ගන්නා ලදි.
ඉන් අනතුරුව, සේවා වනිතා ඒකකය මගින් සිදු කළ සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් හා ඉදිරියේදී සිදු කිරීමට නියමිත සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් සේවා වනිතා ඒකකයේ නිළධාරි මඩුල්ල සමඟ සාකච්ඡා කරන ලදී.
AIR VICE MARSHAL RS BIYANWILA(RTD)
VSV, USP, MBA(UK), ndc(Ind), psc
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu